2012/05/22

DNS Changer නම් වූ නවතම පරිගණක වෛරසය

DNS Changerනම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල භාවිතා කරන්නන් වෙත පැතිරී ගොස් තිබේ.



මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.
...
එහෙයින් ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට අපව ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ ( Redirecting ).

ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.මේ වන විට ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

මෙම වෛරසය ගැන අන්තර්ජාලය හා වෙනත් ජනමාධ්‍ය මගින්ද ජනතාව දැනුවත් කිරීමක් පසුගිය දින වල සිදු කෙරුණි.

ඔබගේ පරිගණකයේ මෙම වෛරසය ඇත්දැයි දැනගැනීමට පහත Link එකෙන් යන්න..

** Scan Your Computer Click Here

** එහි " DNS Resolution = GREEN " ලෙස ඇත්නම් ඔබගේ පරිගණකයට එම වෛරසය ඇතුලත් වී නොමැත.

** DNS Resolution = RED " ලෙස නම් ඔබගේ පරිගණකය එම වෛරසයට මේ වන විට ගොදුරු වී ඇත..

 DNS Changer virus එක ඔබේ පරිගනකයේ දැනටමත් තිබේ නම්
එය ඉවත් කර ගැනීම සදහා පහත පියවර අනුගමනය කරන්න.


*ප්‍රථමයෙන් මෙම link එක ඔස්සේ TDSSKiller ප්‍රති වෛරස මෘදුකාංගය
Download කරගෙන එය run කරන්න.

Click Here Download TDSSKiller

* එහි ඇති "Start scan" button එක click කරන්න.
එමගින් ඔබගේ පරිගනකයේ වෛරසය තිබේ දැයි සොයයි.

*එය අක්‍රිය කර පරිගනකයෙන් ඉවත් කරන්න.

*පසුව පරිගනකය Restart කිරීම සදහා ok කරන්න.

No comments:

Post a Comment